Kitchen
ඉස්සන් තෙම්පරාදුව
අවශ්‍ය ද්‍රව්‍ය :-
ඉස්සන් ග්‍රෑම් 500 යි
දෙහි යුෂ මේස හැඳි 1 යි
රතු ළූණු ග්‍රෑම් 100 යි
අමුමිරිස් කරල් 5 යි
ගොරක කැබලි 2 යි
කෑලි මිරිස් මේස හැඳි 3 යි
මුරුංගා කොළ ටිකක්
පොල් තෙල් ස්වල්පයක්
ලුණු කුඩු
රම්පෙ, කරපිංචා
සාදන ක්‍රමය :-
ඉස්සන් හොඳින් සෝදා ලුණු සහ ගොරක දමා තම්බා ගන්න.
ඉස්සන්
හොඳින් තැම්බුන පසු තෙල් ලිප තබා බැද ගන්න. මදක් බැදෙන විට ළූණු , මුරුංගා
කොළ , මිරිස් , රම්පා, කරපිංචා එක් කර කලවම් කරගන්න.
හොඳින් බැදුණු පසු ලුණු පදම බලා දෙහි යුෂ එක් කර ලිපෙන් බා ගන්න.